Sunday, October 27, 2013

හුන්නස්ගිරිය

 




හුන්නස්ගිරිය නම දුටු පමණින් මතකයට නැගෙනුයේ සිත් වශීකරවන පරිසරය වනු නියතයි.
ඉතාමත් දර්ශනීය පරිසරයකින් අලංකාර නෙත් සිත් වශීකරවන පරිසරයකට නිදසුනක් ලෙස කිව හැකිය.
කදු, නිම්න, දිය ඇලි, සතුන්, හරිත වර්ණ පරිසරය,  මීදුමෙන් වැසුන කදු යන්දිය මෙහි දක්නට ලැබේ.
නුවර මහියංගනය මාර්ගයේ යනවිට හුන්නස්ගිරිය හමුවේ.
ඔයාලත් මේ පාරේ ගමන් කරන විට පොඩ්ඩක් නැවතී ලස්සන ශ්‍රී ලංකාව ගැන ආඩම්බර වන්න අමතක නොකරන්න!

බතට කන්න බැරි බතලේගල කන්ද
අලට කන්න බැරි අලගල්ලේ කන්ද
හුණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද
මෙම කඳු තුනට නායක සමනොළ කන්ද

නකල්ස් රක්ෂිත වනාන්තරයට මෙතරම් සිත ඇද බැද ගනුයේ එහි නිරන්තර පවතින මීදුම නිසාද එසේ නොමැති නම් සතර අත පෙනෙන කදු මුදුන් නිසාදැයි නොදනිමි.
මේ සිත්කළු, නෙත්කළු බව නිසාම ඒ පිළිබද බොහෝ කරැණු සොයන්නට උත්සුක වුනෙමි.
පළමුව රත්තොට හරහා රිවස්ටන් වෙතද දෙවනුව බඹරැල්ල වෙතද තෙවනුව හුන්නස්ගිරිය වෙතද පිය මනින්නේ නොයා සිටිය නොහැකි නිසාවෙන්ම විය යුතුය.

වලාකුළු සමග රහස් කියන කදු මුදුන් දුටු අපේ පැරැන්නෝ දුමින් බර වුනු මේ ප්‍රදේශය ‘දුම්බර‘ ලෙස හැදින්වූහ.
එම කදුකරයේ බටහිර ප්‍රදේශය පුරා බට වර්ගයන් වැවී තිබීම නිසා ‘බට දඩු කන්ද‘ ලෙස හැදින්වූයේද මෙම ප්‍ර‍දේශයමය.
මෙහි ඇති භූ විෂමතා ලක්ණය කෙරෙහි අවධානය යොමු කළ ඉංග්‍රීසි ජාතිකයන් විසින්,
ඈතින් සිට බලන විට මෙම කදු යාය පෙනෙන්නේ මිට මෙලවූ අතක ඇගිලි වල ඉහල නෙරුම් ලෙස නිසාවෙන් එහි අරුත් දෙන ‘නකල්ස්‘(knuckles) ලෙසින් නම් කෙරුනි.
 ඇසට මෙන්ම ඇගටද සුවදායක වන මෙම කදුකර වනගැබ බොහෝ සංචාරකයින්ගේ නෙත් සිත් ඇද බැද තබා ගෙන ඇත.
ඊටත් වඩා පරිසර ලැදි අප සැමගේ අවධානය මෙයට යොමු විය යුත්තේ මෙහි පවතින ජෛව විවිධත්වය සහ ජල විද්‍යාත්මක වැදගත්කම නිසාවෙනි.